අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කැරන් පිම්පෝ විසින් රචිත ලිපි

බර සැහැල්ලු කරන්න

අපගේ අලුතින් ආරම්භ කළ බයිබල් පාඩම් කණ්ඩායමේ සිටි කාන්තාවන් ඛේදවාචක රාශියකට මුහුණ දුන් විට, අපි ගැඹුරු පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගන්නා බව අපට තේරුම් ගියේය. පියෙකුගේ වියෝව, දික්කසාදයෙන් පසු විවාහ සංවත්සරයේ වේදනාව, සම්පූර්ණයෙන් බිහිරි දරුවෙකුගේ උපත, හදිසි ප්‍රතිකාර ඒකකයට දරුවෙකු රැගෙන යාම සඳහා ඉතා වේගයෙන් පැමිණීමේ අත්දැකීම වැනි දේ කෙනෙකුට තනිවම කර ගෙන යාමට පහසු කාර්යයන් නොවේ. එක් එක් පුද්ගලයාගේ දුර්වලතාවය වඩාත්…

අනුකම්පාව තෝරා ගැනීම

හිම ආශ්‍රිත අනතුරු ගැන මිනිත්තු පහක එකතුවක් රූපවාහිනී වැඩසටහනක එක් කථාංගයක කේන්ද්‍රීය කොටස විය. මිනිසුන් වහලේ තිබෙන හිම මත ලිස්සා යාම, වස්තූන් මත ගැටී සිදුවන නළ අනතුරු සහ අයිස් මත ලිස්සා යාම වැනි ක්‍රියාවන්ට වීඩියෝ චිත්‍රාගාර ප්‍රේක්ෂකයින්ගෙන් සහ නිවසේ නරඹන ප්‍රේක්ෂකයින්ගෙන් සිනහවක් සහ අත්පොළසන් නාදයක් ගෙන ආවෝය. සිනහව වඩාත් උස් හඬින් නැඟුණේ ඔවුන්ගේම අඥානවන්ත හැසිරීම නිසා සිදු වූ අනතුරු බව…

දෙවියන්වහන්සේට පාලනය භාර දීම

කුස්සියේ මේසයක් මත තැබීමට හැකි තරම් කුඩා බලවත් ඕක් ගසක් සිතින් මවා ගන්න. බොන්සායි පෙනුම එයයි. එනම්, ඔබ ස්වභාව ධර්මයේ වනාන්තරයෙහි දකින විශාල ගසක කුඩා අනුවාදයක් ලෙස සාදාගත් අලංකාර විසිතුරු ගසක් වෙයි. බොන්සායි සහ එහි සම්පූර්ණ ප්‍රමාණයේ විශාල ගස අතර ජානමය වෙනසක් නොමැත. එය හුදෙක් නොගැඹුරු බඳුනක, කප්පාදු කිරීම සහ මුල් කැපීම යන කාර්යයන් හේතුවෙන් ගසේ වර්ධනය වීම සීමා කර…

ජීවිතය ලබා දෙන නිවැරදි කිරීම

"අවාසනාවකට, අපි මෑතකදී සෑහෙන අමාරු සංවාදයකට මුහුණ දුන්නෙමු" යැයි ෂෙලී පැවසුවාය. "මා සිතන විදිහට අප දෙදෙනාට එය රස විදීමට හැකි වූයේ නැත. නමුත් මට ඇත්තටම දැනුනා ඇය අවට සිටින අයව රිදවීම වළක්වා ගැනීම සඳහා ඇයගේ ආකල්ප සහ ක්‍රියාවන් ආමන්ත්‍රණය කළ යුතු බව" යැයි ෂෙලී කීවාය. ඇය කථා කළේ ඇය උපදේශ ලබා දෙන තරුණිය ගැනය. අපහසුතාවයට පත් වුවද, ඔවුන්ගේ සංවාදය ඵලදායී…

ජීවමාන ලේඛණයක්

සිය සීයාගේ කෘතිය අනුස්මරණය කරමින් පීටර් ක්‍රොෆ්ට් මෙසේ ලිවීය. “කෙනෙක් ඔවුන්ගේ බයිබලය කුමණ අනුවාදයක් වූවත්, එය අතට ගෙන වටහා ගන්නවා පමණක් නොව ජීවමාන ලේඛණයක් ලෙසට දේව වචනය අත්දකිමින් අවුරුදු දහස් ගණනකට පෙර මෙන් අද දවසටත් එය අදාළ සිත්ගන්නා සුළු ලේඛණයක් ලෙස පිළිගැනීම මගේ ගැඹුරුතම ආශාව වන්නේය”. පීටර්ගේ සීයා වූයේ ජේ.බී. පිලිප්ස් නම්වූ තරණ සේවකයාය. ඔහු දෙවන ලෝක සංග්‍රාම සමයේදී පැරණි…

යේසුස්වහන්සේ සමග ගමන් කිරීම

ජෝන් මුයිර් මාවතේ කඳු නගින්නන් විසින් ගෙන යනු ලබන අත්‍යවශ්‍ය දෑ වන්නේ සැහැල්ලු ආහාර වර්ග, ජල ආරක්‍ෂිත සපත්තු සහ සිතියමක් වේ. ජෝන් මුයිර් ටේ්‍රල් යනු ගංගා හරහාද විල් හා වනාන්තර වටාද කඳුකරයට ඉහළින් අඩි 47,000 ක උන්නතාංශයක්ද ලබා ගන්නා බටහිර එක්සත් ජනපදයේ සැතපුම් 211 ක දුරකි. මෙම මාවතේ ගමන් කිරීමට සති තුනක් පමණ ගත වන හෙයින් අවශ්‍ය දේවල් නියම ප්‍රමාණයෙන්…

දෙවියන්වහන්සේ අපව උසුලා ගෙන යන සේක

2019 දී ඩෝරියන් සුළි කුණාටුව දැඩි වර්ෂාව, සුළඟ සහ ගංවතුරෙන්ද බහමාස් දුපත් යටපත් කළේය. එය රටේ ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනය වුයේය. උපතේදී හෝ ඊට පෙර මොළයට සිදුවූ හානියක් නිසා මාංශ පේශීන් පාලනය කර ගත නොහැකි තත්ත්වයක (සෙරෙබ්‍රල් පොල්සි) සිටි තම වැඩිහිටි පුත්‍රයා සමග නැවතී සිටි නිවසෙන් ඉවත් විය යුතු බව බ්‍රෙන්ට් දැන ගත්තේය. බ්‍රෙන්ට් අන්ධ වූවත් ඔහුට පූත්‍රයා බේරා ගැනීමට…

දෙවියන්වහන්සේගේ බලය පෙන්වීම

එය අකුණු කුණාටුවක් විය. මගේ හය හැවිරිදි දියණිය සහ මම බිම හිඳ ගෙන වීදුරු දොර හරහා විශ්මිත සංදර්ශනය දෙස බලා සිටියෙමු. ඇය දිගින් දිගටම කියා සිටියේ “වාව්! දෙවියන්වහන්සේ ඒතරම් විශාලයි” කියාය. මටත් එසේම හැඟුණි. අප කෙතරම් කුඩාද දෙවියන්වහන්සේ කෙතරම් බලවත්ද යන්න අප දෙදෙනාටම පැහැදිලි වුනි. “එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?” යනුවෙන් යෝබ්ගේ පොතෙහි වදන් මාගේ මනස…